විදෙස් ජනමාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක (ඡායාරූප)

මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වී තිබෙනවා.

ඔවුන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේ මෙලෙස අධ්‍යයන චාරිකාවක නිරත වුණා.

ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කොට තිබුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද සහ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන්ම දකුණු ආසියානු සන්දර්භය තුළ රටවල් අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ඉලක්ක මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර එකඟතා සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධානය යොමු කරන ආකාරය පිළිබඳව ද මෙහිදී විදෙස් ජනමාධ්‍යවේදීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කුවේට් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, මොරොක්කෝ රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව එම නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) විසින් මෙම චාරිකාව සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) ඒ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ, වැඩ බලන අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා, සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.

Foreign Journalist 20240827 14
Foreign Journalist 20240827 11
Foreign Journalist 20240827 9
Foreign Journalist 20240827 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?