විදෙස් ජනමාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක (ඡායාරූප)

මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වී තිබෙනවා.

ඔවුන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේ මෙලෙස අධ්‍යයන චාරිකාවක නිරත වුණා.

ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කොට තිබුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද සහ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන්ම දකුණු ආසියානු සන්දර්භය තුළ රටවල් අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ඉලක්ක මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර එකඟතා සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධානය යොමු කරන ආකාරය පිළිබඳව ද මෙහිදී විදෙස් ජනමාධ්‍යවේදීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කුවේට් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, මොරොක්කෝ රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව එම නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) විසින් මෙම චාරිකාව සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) ඒ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ, වැඩ බලන අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා, සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.

Foreign Journalist 20240827 14
Foreign Journalist 20240827 11
Foreign Journalist 20240827 9
Foreign Journalist 20240827 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26