AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් කතකගේ මළ සිරුරක් කළුතර නිවාඩු නිකේතනයක කාමරයක් තුළ

කළුතර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තාවකාලිකව පදිංචිව සිටි රුසියානු ජාතික කාන්තාවක් එහි කාමරයක ඇඳක් මත මියගොස් සිටිය දී සොයාගත් බව පොලිසිය පවසනවා.

අද (16) උදෑසන මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගත් බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ නඩීස්ඩා බොඩ්නර් නමැති 74 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාව මීට මාස එකොළහකට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර, ඇය අදාළ නිවාඩු නිකේතන කුලීයට පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇති බව සඳහන්.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එතනිය පරීක්ෂණ සිදුකර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය කළුතර ශික්ෂණ රෝහල වෙත යිමු කිරීමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?