විදුලි සේවකයන් හෙට දහවල් දොළහට කරන්න යන දේ

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීමට එරෙහිව විදුලි සේවකයන් හෙට (03 වැනිදා) දිනයේ සිදු කරන උද්ඝෝෂණයට සමගාමීව වරාය සහ තෙල් සංස්ථා සේවකයන්ද පාරට බසින බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම් කරු රන්ජන් ජයලාල් පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. විදුලි ඉංජිනේරුවරුන්ද ඇතුළුව දිවයින පුරා සිටින විදුලි සේවකයන් හෙට දහවල් දොළහට කොළඹ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව ඔහු පැවැසුවේය. එමෙන්ම ඛණිජ තෙල් සේවකයන් සපුගස්කන්ද සහ කොළොන්නාවේ ස්ථාන හතරකදීත් වරාය සේවකයන් වරාය අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීත් හෙට දහවල් දොළහට උද්ඝෝෂණයක් පවත්වන බවද රන්ජන් ජයලාල් මහතා පැවැසුවේය.

කොළඹදී සිදු කරන මෙම උද්ඝෝෂණයෙන් පසුව වැඩ වර්ජනය ආරම්භ කරන දිනය තීරණය කරන බවද හෙතෙම පැවැසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27