විදුලි වෘත්තිය සමිති සමාජිකයින් සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද (13) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විදුලි වෘත්තිය සමිති 22 දෙකක නියෝජිතයින් එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතයි.
සිය විශ්‍රාම වැටුප් සහ විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමඟ පිහිට වූ සමාගම්වල සිය ස්වාමිත්වය අහිමිවිම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් ක්‍රියාත්මක කළ පැය 50ක වැඩ වර්ජනය කාලය තුළ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 18,000ක් සිදුව ඇති බව විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළා.
එම බිඳවැටීම් සියල්ලම මේ වනවිටත් යථා තත්ත්වයට පත්කර ඇති බවයි ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.



