විදුලි රැහැනක පැටලී 21 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට

පල්ලෙකැලේ, විදුරගේවත්ත ප්‍රදේශයේ දී අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා පොල් ගෙඩියක් ඇහිදීම සඳහා වික්ටෝරියා අක්ෂිත කොටසට සිය නැඟණිය සමඟ ඇතුළු වූ අවස්ථාවේ දී සතුන් දඩයම් කිරීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?