Empty Ad
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන මහජන අදහස් විමසීම 27 වනදා සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම දෙසැම්බර් 27 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව මෙම මහජන අදහස් විමසීම පළාත් නවයම පුරා සිදුකරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

පළමු මහජන අදහස් ලබාගැනීම මධ්‍යම පළාතෙන් 27 වනදා සිදුකරන අතර, දෙසැම්බර් 31 වනදා ඌව පළාත තුළ සිදුකිරීමට නියමිතයි.

සබරගමුව පළාත තුළ මහජන අදහස් විමසීම ජනවාරි 03 වන දින සිදුකරන අතර, උතුරු මැද පළාත තුළ ජනවාරි 05 වනදා එම අදහස් ලබාගැනීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.

එමෙන්ම උතුරු පළාතේ ජනවාරි මස 06 වන දිනත්, නැගෙනහිර පළාත තුළ ජනවාරි 08 වනදාත් මහජන අදහස් ලබාගැනීමට නියමිත අතර, බස්නාහිර පළාතේ ජනවාරි 10 වනදා සිදුකිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිසමේ කෙටුම්පත් යෝජනාව මගින් විදුලි ගාස්තු දළ වශයෙන් 11% කින් අඩු කිරීමක් යෝජනා කරන අතර, 2025 වසරේ පළමු මාස ​​06 සඳහා වත්මන් ගාස්තු අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?