AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනතා අදහස් විමසීම සති දෙකකින්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනතා අදහස් රැස් කිරීමේ කටයුතු සති දෙකකින් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අධ්‍යයන කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව එය අධ්‍යනය කිරීමෙන් පසු අවසන් නිගමනයකට එළඹෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් පැවසුවේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සිය යෝජනාව පසුගිය සිකුරාදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබාදුන්නා.

එමඟින් යෝජනා කර තිබුණේ එළඹෙන වසරේ මුල් මාස 06 සඳහා දැනට පවතින විදුලි ගාස්තු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?