විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2024.10.24 දින ඉදිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියමක විසින් ප්‍රතික්ෂේප කළ බවයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

එමෙන්ම 2024 වසරේ අවසන් කාර්තුව සදහා නොව 2025 වසරේ මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවත්වන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙසයි නියාමක විසින් ඉල්ලා සිටි බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

2025 සදහා වන යෝජනාව සකස් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවත්, ඒ අනුව එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියමක වෙත යොමුකරන බව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41