විදුලි කප්පාදුව අතරේ දුරකථන ඇමතුමක් ගන්න ගිය සිසුවා දිවිගමනට සමුදෙයි

බෙරලපනාතර, පුහුල්හේනකන්ද ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ නිවසේ කොන්ක‍්‍රීට් එකෙන් ඇද වැටී මියගොස් ඇති බව ඌරුබොක්ක පොලිසිය පවසනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙරලපනාතර මහ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සේනානායක උදාර පුන්සර පාසල් සිසුවාය.

පෙරේදා රාත‍්‍රි 7.45-8.00 අතර කාලයේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ පාසල් සිසුවා දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා නිවසේ වහල වෙනුවට දමා ඇති කොන්ක‍්‍රීට් ස්ලැබ් එක මතට නැග ඇති අතර සිංග්නල් අඩුවීම නිසා පස්සෙන් පස්සට ගොස් ඇති අතර එම අවස්ථාවේ කොන්ක‍්‍රීට් එකෙන් බිමට ඇදවැටී ඇත.

කොන්ක‍්‍රීට් එකෙන් බිමට ඇද වැටී තුවාල ලබා සිටි පාසල් සිසුවා දෙනියාය මූලික රෝහලට රැුගෙන ගොස් ඇති අතර පසුව මාතර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් ඒ යන අතරතුර අසාධ්‍ය වීම හේතුවෙන් මොරවක කොස්නිල්ගොඩ දිස්ත‍්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කර සිටින්නේ.

මියගිය පාසල් සිසුවාට වැඩිමහල් සහෝදරියක සිටින පවුලේ බාල එකම පිරිමි දරුවාය. 2023 වර්ෂයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.

පුහුල්හේනකන්ද, ඉලූක්තැන්න ප‍්‍රදේශයට දුරකථන සිංග්නල් අඩු අතර විදුලිය විසන්ධි කළ පසු දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී සිංග්නල් අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්වේ. මෙම පාසල් සිසුවාටත් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වූයේ රාත‍්‍රි කාලයට විදුලිය විසන්ධි කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසටය.

මියගිය පාසල් සිසුවාගේ ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

(උපුටා ගැනීම :දිවයින පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?