විදුලි අර්බුදයෙන් කෝටි 210 ක අමතර වියදමක්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 2,100 ක අමතර වියදමක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වනවා.

ඒ, දෙසැම්බර් මස මැද සිට ජනවාරි මුල දක්වා වූ කාලය තුළයි. මීට හේතුවී ඇත්තේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඩීසල් සහ තාප බලාගාරවලින් විදුලි ජනනය කිරීමට සිදුවීමයි.

සාමාන්‍යයෙන් සෑම වසරකම පළමු මාස 04 දී ජල විදුලි උත්පාදනය අඩුවී තාප බලාගාරවලින් විදුලි ජනනය වැඩි වශයෙන් සිදු කරනවා. එහෙත් මෙවර ප්‍රශ්ණය උග්‍රවී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිද වැටීම හේතුවෙන්. ඒ අනුව වෙනදාට පැය 03 ත් 04 ත් අතර කාලයක් ක්‍රියාත්මක කරන අධික පිරිවැයක් දැරීමට සිදුවන විදුලි බලාගාර මෙවර පැය 15 ත් 18 ත් අතර කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. විදුලි ඉල්ලුම අඩු රාත්‍රී 10 යේ සිට අලුයම 05 දක්වා කාලය තුළද මෙවැනි බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීමත් සමඟයි ඒ වෙනුවෙන් අමතර වියදමක් දැරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇත්තේ. දැවි තෙල් යොදාගන්නා ඇතැම් බලාගාර ක්‍රියාත්මක කර ඇත්තේ ඩීසල් යොදා ගනිමින්.

ගල් අඟුරු බලාගාරය නොමැතිවීම හේතුවෙන් එහි විදුලි උත්පාදනය සපුරා ගැනීමට ජලය භාවිත කිරීම හේතුවෙන් ජල විදුලි බලාගාරවල ජල මට්ටම ද මේ වන විට සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි තහවුරු කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනිගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තාප බලාගාර මෙන්ම ඩීසල් බලාගාර ද වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවයි.

ඉකුත් දෙසැම්බර් මාසයේ සිට දිගින් දිගටම පවතින විදුලි අර්බුදය මේ වන තෙක් අවසන් වී නැහැ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ දිනයේද විදුලි බිද වැටීම් වාර්තා වන්නේ මෙවන් පසුබිමකයි. ඒ අනුව අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදු වේදැයි අප විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවත්, විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් පස්වරුවේ දැනුම්දෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12