විදුලිය රැකගන්න තවත් චක්‍රලේඛයක්

විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙසට රජයේ ආයතනවලට හා දෙපාර්තමේන්තුවලට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කර සිටියේ, ඊට අදාළ චක්‍රලේඛය හෙට (21) දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.