කොටි සංවිධානය සම්බන්ධයෙන් ප්රකාශයක් සිදුකළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවීය.
මෙම පැමිණිල්ල අද (28) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
ඇය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව විමර්ශන සිදුකරන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.
අනතුරුව පැමිණිල්ල ජූනි මස 10 වනදා කැඳවන ලෙස මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දැක්වූ හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළිනඟා සිටුවන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.