විගණන නිලධාරියෙකුට ජීවිත තර්ජන එල්ල කළ රූපලාවන්‍ය ශිල්පිනියක් සහ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ රාජකාරී කරන විගණන නිලධාරියෙකුගේ නිවසට පැමිණ ඔහුට ජීවිත තර්ජන එල්ල කරන ලද කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙක් පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ විගණන නිලධාරියා පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මෙම නිලධාරියා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සිදුකරනු ලැබූ විගණන කටයුත්තක දී අනාවරණය වී ඇති අක්‍රමිකතා හේතුවෙන් ඔහුට දුරකථන මාර්ගයෙන් සහ නිවසට පැමිණ ජීවිත තර්ජන එල්ල කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාරියපොළ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු සහ වැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකාරියක් පෙරේදා (17) අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය රූපලාවන්‍ය ශිල්පිනියක් වන අතර 26 හැවිරිදි වියේ පසුවන ඇයකොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සැකකරුවන් දෙදෙනා 33 සහ 38 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන සහ සැකකාරිය ඊයේ (180 මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46