spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විගණන නිලධාරියෙකුට ජීවිත තර්ජන එල්ල කළ රූපලාවන්‍ය ශිල්පිනියක් සහ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ රාජකාරී කරන විගණන නිලධාරියෙකුගේ නිවසට පැමිණ ඔහුට ජීවිත තර්ජන එල්ල කරන ලද කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙක් පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ විගණන නිලධාරියා පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මෙම නිලධාරියා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සිදුකරනු ලැබූ විගණන කටයුත්තක දී අනාවරණය වී ඇති අක්‍රමිකතා හේතුවෙන් ඔහුට දුරකථන මාර්ගයෙන් සහ නිවසට පැමිණ ජීවිත තර්ජන එල්ල කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාරියපොළ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු සහ වැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකාරියක් පෙරේදා (17) අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය රූපලාවන්‍ය ශිල්පිනියක් වන අතර 26 හැවිරිදි වියේ පසුවන ඇයකොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සැකකරුවන් දෙදෙනා 33 සහ 38 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන සහ සැකකාරිය ඊයේ (180 මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?