විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති තනතුර සඳහා පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දන්වා තිබෙනවා.

එය ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන දේශය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාපිළිවෙතට ද ශක්තියක් වනු ඇති බවයි උන්වහන්සේ එම ලිපියෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම මෙන්ම වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්ව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මත භේදයන් ඇති කිරීමට උත්සහ දරමින් ඇති බව මහා නාහිමිවරුන් පවසනවා.

අදාළ ලිපියෙන් මහනාහිමිවරුන් පවසා ඇත්තේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගෙනයනු ලබන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ද ඇතැම් පාර්ශ්ව මෙම සිදුවීම යොදා ගනිමින් සිටින බවයි.

එමෙන්ම විගණකාධිති ධුරය වැනි රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම යෝග්‍ය නොවන බව ද උන්වහන්සේලා එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?