විකෘතිතා 46ක් ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක්

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් බවය.

එම නව ප්‍රභේදයේ විකෘතිතා 46ක් ඇති බවත් වේගයෙන් පැතිරයා හැකි බවත් අනුමාන කෙරේ.
 
IHU නමින් හඳුන්වා දී ඇති නව B.1.640.2 ප්‍රභේදය හේතුවෙන් මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශයේ 12 දෙනෙක්ව ආසාදනය වී ඇති බව වාර්තා විය. 

එහිදී හඳුනාගත් පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් සිට පැමිණි අයෙක් බවට හඳුනාගෙන තිබේ.
    
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටත් වාර්තා විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?