අත්අඩංගුවට ගැනුණු අර්ච්චුනාට ඇප

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙර ඇප මත මුදා හරිණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළා.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළ නඩුව ඊයේ (23) කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ නියෝග කර තිබුණා.

කොටුව පොලිස් නිලධාරියෙක්ට බලපෑම් කළ බවට වන මෙම නඩුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මීට පෙර ඇප මත මුදා හැර සිටියද, ඊයෙ දින ඔහු විවෘත අධිකරණයේ පෙනී නොසිටි බැවින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එසේ වරෙන්තු නිකුත් කළා.

ඒ අනුව කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.