විකල්පය සජිත් කියලා ලෝකෙම පිළිගෙන හමාරයි

ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගත් අසාධාරණ තීරණයත් සමග අදවනවිට ප්‍රවාහන ඇතුලු සෑම ක්ෂේත්‍රයකම බර්පතල අර්බුද ගණනාවක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ අකාරයක්ෂම මූල්‍ය පාලනය මෙම සියලු අර්බුදවලට හේතුව බවයි.ලෝකයේ බොහෝ රටවල් අපිට ඉදිරියේදී ණය නොදෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ එකම විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය බවත් ජාත්‍යන්තර නායකයින් පවා පිළිගෙන ඇති බවද අශෝක අබේසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?