වෑන් රියක් සොරාගත් අයෙක් බඩුත් එක්කම අල්ලා ගනියි

දැරිණියගල පොලිස් වසමේ දී රුපියල් 7,850,000ක් වටිනා වෑන් රියක් සොරකම් කර අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එම අපරාධය කළ සැකකරුව අත් අඩංගුවට ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ ඊයේ (03) අංහෙට්ටිගම ප්‍රදේශයේ දී සැකකරුව සොරා ගත් වෑන් රථය ද සමග අත් අඩංගුවට ගැනුණු බවයි.

36 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?