එංගලන්ත – ඕස්ට්‍රේලියා තරගයත් වැස්සට සේදෙයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද (28) පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත ඕස්ට්‍රේලියා තරගයත් වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු වුණා.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ කාසිය වාසිය පවා උරගා බැලීමට පවා අවස්ථාවක් හිමිවුයේ නැහැ.

මේ හේතුවෙන් දෙපිළටම එක් ප්‍රසාද ලකුණු බැගින් ලබා දීමටයි තීරණය කළේ.

මේ සමඟ එම කාණ්ඩයේ (01 කාණ්ඩය) ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට එංගලන්තයයට සහ ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

ඒ, අනුව එංගලන්තය දෙවන ස්ථානය දක්වාත්, ඕස්ට්‍රේලියාව සිව්වන ස්ථානය දක්වාත් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණියා.

එත් සමඟ එම සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට සිදුවුණේ පස්වන ස්ථානය දක්වා පහළට පැමිණීමටයි.

මේ අතර එම කාණ්ඩයේම අද (28) දහවල් පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්තය අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.

එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට තත්ත්වය පහතින්.

4 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26