Update – ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටින ගුරුවරයාගේ සහ සිසුන්ගේ සිරුරු හමුවේ

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ සහ සිසුන් තිදෙනාගේ සිරුරු හමුව ඇති බව වාර්තා වනවා.

27 හැවිරිදි ගුරුවරයෙකුගේ සහ 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිසුන් සිව්දෙනෙක්, සිසුවියන් හත්දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනෙක් ගමන්ගත් ඔරුවක් මෙලෙස පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

Update – Sunday, February 12, 2023, 4.50 PM

වැවක බෝට්ටුවක් පෙරළී ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් අතුරුදන්

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ වැවක බෝට්ටුවක් පෙරළී සිදුවූ අනතුරකින් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (12) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?