වැලි සමීරට හා මස්සිනාට වෙඩි තැබූ සිද්ධියට දෙදෙනකු අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසල දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ, කඳාන – රූපමුල්ල හන්දිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර කඳාන ප්‍රදේශයේ දී ජුලි 03 වැනිදා පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කළා.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මිය ගියා.

එලෙස මියගියේ දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනෝහර හෙවත් වැලි සමීරගේ මස්සිනා යි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 සහ 26 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?