වැලි සමීරට හා මස්සිනාට වෙඩි තැබූ සිද්ධියට දෙදෙනකු අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසල දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ, කඳාන – රූපමුල්ල හන්දිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර කඳාන ප්‍රදේශයේ දී ජුලි 03 වැනිදා පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කළා.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මිය ගියා.

එලෙස මියගියේ දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනෝහර හෙවත් වැලි සමීරගේ මස්සිනා යි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 සහ 26 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39