Empty Ad
AFC Banner
Empty Ad

වැලිගම වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදියක් වැවකින් සොයා ගැනේ (වීඩියෝ)

අද (04) අලුයම් කාලයේ වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන ‘පල්සර්’ වර්ගයේ යතුරුපැදියක් වැවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම යතුරුපැදිය වැලිගම පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මූනමල්පෙ පෙදෙසෙ පිහිටි වැවකින් බවයි වාර්තා වන්නේ.

අලුයම 01ට පමණ නාඳුනන තුවක්කුකරුවන් පැමිණ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකුට වල්ලිවෙල මාර්ගයේ දී වෙඩි තබා පලා ගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් 26 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ අතර 29 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා වැලිගමින් මාතර මහ රෝහලට මාරු කර යැවුණා.

මෙම වෙඩි ප්‍රහාරයට පැමිණි වෙඩික්කකරුවන් යතුරුපැදි තුනකින් පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී තිබුණා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

මෙම මියගිය තරුණයා සහ සෙසු පිරිස ජනවාරි පළමු දින මාතර බන්ධනාගාරයේ සිර මැදිරියකට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවූවාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදියි අදාළ වෙඩි තැබීමට ගොදුරු වී ඇත්තේ.

T56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට යොදාගෙන තිබෙන බවත් රිවෝල්වර වර්ගයේ ජීව උණ්ඩ දෙකක් ද හමු වී ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?