වැලිගම වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදියක් වැවකින් සොයා ගැනේ (වීඩියෝ)

අද (04) අලුයම් කාලයේ වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන ‘පල්සර්’ වර්ගයේ යතුරුපැදියක් වැවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම යතුරුපැදිය වැලිගම පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මූනමල්පෙ පෙදෙසෙ පිහිටි වැවකින් බවයි වාර්තා වන්නේ.

අලුයම 01ට පමණ නාඳුනන තුවක්කුකරුවන් පැමිණ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකුට වල්ලිවෙල මාර්ගයේ දී වෙඩි තබා පලා ගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් 26 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ අතර 29 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා වැලිගමින් මාතර මහ රෝහලට මාරු කර යැවුණා.

මෙම වෙඩි ප්‍රහාරයට පැමිණි වෙඩික්කකරුවන් යතුරුපැදි තුනකින් පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී තිබුණා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

මෙම මියගිය තරුණයා සහ සෙසු පිරිස ජනවාරි පළමු දින මාතර බන්ධනාගාරයේ සිර මැදිරියකට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවූවාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදියි අදාළ වෙඩි තැබීමට ගොදුරු වී ඇත්තේ.

T56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට යොදාගෙන තිබෙන බවත් රිවෝල්වර වර්ගයේ ජීව උණ්ඩ දෙකක් ද හමු වී ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39