වැලිගම නගර සභාවේ උප නගරාධිපතිට පාඩමක් උගන්වන තෙක් නිලධාරීන් එළියට බහී (වීඩියෝ)

වැලිගම නගර සභාවේ නිලධාරීන් අද (01) පස්වරුවේ සිට සිය රාජකාරී කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

එම නගර සභාවේ උප නගරාධිපති අරින්ද්‍ර සනත් කුමාර විසින් නගර සභාවේ ගණකාධිකාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිදුවීමකට විරෝධය පළකරමින් මෙලෙස රාජකාරී කටයුතුවලින් බැහැරවීමට එහි නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකු විසින් පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ණය මුදලක් අයදුම්කර ඇති අතර, එම මුදල ඉතා කඩිනමින් ලබාදෙන ලෙස නගර සභාවේ උප නගරාධිපතිවරයා ගණකාධිකාරීවරයාට බැන තර්ජනය කර ඇති බව සඳහන්.

ඒ, අනුව මේ පිළිබඳව ගණකාධිකාරිවර විසින් වැලිගම පොලිසියට පැමිණිලි ද සිදුකර තිබෙනවා.

දේශපාලනඥයන් විසින් නිලධාරීන්ගේ රාජකාරියට අත්තනෝමතික ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඒ අනුව මීට සාධාරණ විසඳුමක් ඉල්ලා නගර සභා නිලධාරීන් මෙලෙස සිය රාජකාරී කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අදාළ උප නගරාධිපතිවරයා ගණකාධිකාරීවරයාට බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
13
+1
32
+1
5
+1
5
+1
3
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?