වැලිගම නගර සභාවේ උප නගරාධිපතිට පාඩමක් උගන්වන තෙක් නිලධාරීන් එළියට බහී (වීඩියෝ)

වැලිගම නගර සභාවේ නිලධාරීන් අද (01) පස්වරුවේ සිට සිය රාජකාරී කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

එම නගර සභාවේ උප නගරාධිපති අරින්ද්‍ර සනත් කුමාර විසින් නගර සභාවේ ගණකාධිකාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිදුවීමකට විරෝධය පළකරමින් මෙලෙස රාජකාරී කටයුතුවලින් බැහැරවීමට එහි නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකු විසින් පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ණය මුදලක් අයදුම්කර ඇති අතර, එම මුදල ඉතා කඩිනමින් ලබාදෙන ලෙස නගර සභාවේ උප නගරාධිපතිවරයා ගණකාධිකාරීවරයාට බැන තර්ජනය කර ඇති බව සඳහන්.

ඒ, අනුව මේ පිළිබඳව ගණකාධිකාරිවර විසින් වැලිගම පොලිසියට පැමිණිලි ද සිදුකර තිබෙනවා.

දේශපාලනඥයන් විසින් නිලධාරීන්ගේ රාජකාරියට අත්තනෝමතික ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඒ අනුව මීට සාධාරණ විසඳුමක් ඉල්ලා නගර සභා නිලධාරීන් මෙලෙස සිය රාජකාරී කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අදාළ උප නගරාධිපතිවරයා ගණකාධිකාරීවරයාට බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
13
+1
32
+1
5
+1
5
+1
3
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48