AFC Banner
AFC Banner
Empty Ad

වැරදි කරන රියදුරන් හඳුනාගන්න අලුත් වැඩක් (වීඩියෝ)

ලබන 22 වන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ රථවාහන වැරදි සිදු කරන රියදුරන් හඳුනා ගැනීමට පොලිසිය නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයේ රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා භාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

ඒ අනුව වැරදිකරුවන්ට නඩු පැවරීමට අදාළ CCTV කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

අදාළ දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි අයිතිකරුට ළඟම ඇති පොලිස් ස්ථානයට යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන අනුව ආලෝක සංඥා වැනි මාර්ග සංඥාවලට අවනත නොවී රිය ධාවනය කරන රියදුරන් ආරක්ෂිත කැමරාවල සටහන්වල දර්ශන මගින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?