වැරදි ඉලක්කයකට වෙඩි පත්තු වූ කොට්ටාවේ වෙඩි තැබීමේ කරුණු රැසක් එළියට

කොට්ටාව – හොරණ මාර්ගයේ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි පෞද්ගලික රසායනාගාරයක් තුළ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන සිදුකරන ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබී තිබෙනවා.

මෙම වෙඩි තැබීම පසුගිය 15 වනදා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධ බවට මීට පෙර පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබුණා.

එලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණේ කොට්ටාව රසායනාගාරයේ වෙඩි තැබීම සඳහා පැමිණි ප්‍රධාන වෙඩික්කරුගේ ගෝලයෙකු වන ප්‍රදීප් කුමාර නැමැත්තෙකුයි.

තම ගෝලයා කපා කොටා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එම ඝාතනය සිදුකළ සැකකරුවෙකුගේ බාල සහෝදරයා ඝාතනය කිරීමේ අරමුණින් කොට්ටාව රසායනාගාර වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් වෙඩික්කරුවන්ට ඉලක්කය වැරදී රසායනාගාරය වෙත පැමිණ සිටි අයෙකුට වෙඩි තබා පළාගොස් තිබූ අතර, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ සැබෑ පුද්ගලයා එම අවස්ථාවේ රසායනාගාරයේ පිටුපස කොටසේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (21) උදෑසන සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ, නාමල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි මිහිරාන් ප්‍රභාත් පත්මසිරි නැමැති විවාහක තරුණයෙක්.

මෙම වෙඩි තැබීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක සහාය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

අපරාධය සඳහා පිස්තෝල දෙකක් භාවිත කර ඇති අතර, ඔවුන් ඊට පෙර දිනයේ දී රසායනාගාරය අවට ඔත්තු බලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල ප්‍රදේශයේ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට අංශ කීපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?