වැරදි ඉලක්කයකට වෙඩි පත්තු වූ කොට්ටාවේ වෙඩි තැබීමේ කරුණු රැසක් එළියට

කොට්ටාව – හොරණ මාර්ගයේ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි පෞද්ගලික රසායනාගාරයක් තුළ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන සිදුකරන ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබී තිබෙනවා.

මෙම වෙඩි තැබීම පසුගිය 15 වනදා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධ බවට මීට පෙර පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබුණා.

එලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණේ කොට්ටාව රසායනාගාරයේ වෙඩි තැබීම සඳහා පැමිණි ප්‍රධාන වෙඩික්කරුගේ ගෝලයෙකු වන ප්‍රදීප් කුමාර නැමැත්තෙකුයි.

තම ගෝලයා කපා කොටා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එම ඝාතනය සිදුකළ සැකකරුවෙකුගේ බාල සහෝදරයා ඝාතනය කිරීමේ අරමුණින් කොට්ටාව රසායනාගාර වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් වෙඩික්කරුවන්ට ඉලක්කය වැරදී රසායනාගාරය වෙත පැමිණ සිටි අයෙකුට වෙඩි තබා පළාගොස් තිබූ අතර, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ සැබෑ පුද්ගලයා එම අවස්ථාවේ රසායනාගාරයේ පිටුපස කොටසේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (21) උදෑසන සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ, නාමල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි මිහිරාන් ප්‍රභාත් පත්මසිරි නැමැති විවාහක තරුණයෙක්.

මෙම වෙඩි තැබීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක සහාය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

අපරාධය සඳහා පිස්තෝල දෙකක් භාවිත කර ඇති අතර, ඔවුන් ඊට පෙර දිනයේ දී රසායනාගාරය අවට ඔත්තු බලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල ප්‍රදේශයේ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට අංශ කීපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23