වැඩ තහනම් වූ ලංවිම සේවකයින් වරප්‍රසාද සහිත ව යළි සේවයට (වීඩියෝ)

පසුගිය රාජ්‍ය පාලන සමයේ දී වැඩ තහනමට ලක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වරප්‍රසාද සහිත ව සේවයේ නැවත පිහිටුවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂණයට සහභාගී වූ බවට පවසමින් වැඩ තහනම් කර මර්දනයට මෙම පිරිස ලක් කෙරුණා.

පසුව නව රජය යටතේ එම සේවකයින් 62 දෙදෙනකු යළි සේවයේ පිහිටවමින්; අහිමි වූ වරප්‍රසාද යළි ලබාදීම, දඬුවම් මාරු අවලංගු කිරීම ආදිය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකින් මෙය සිදු කෙරුණු අතර එම ‍සේවකයෝ අද දින (24) ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී අමාත්‍යවරයා මුණගැසුණා.

අමාත්‍යවරයාගේ විදුලිබල මණ්ඩල මූලස්ථාන නිරීක්ෂණ චාරිකාවේ එක් අංගයක් ලෙස එම සේවකයින් පිරිස හමු වූ අතර එහිදී කරුණු දැක්වූ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආයතනයට වැදගත් සම්පතක් කොට සලකන බවත් ආයතනය රැකගැනීම වෙනුවෙන් උද්ඝෝෂණය කළ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ලැබීම සතුටක් බවත් ප්‍රකාශ කර සිටියා.

පසුගිය රජය රටේ දේපළ රිසි සේ විකුණා දැමීම පිණිස ගත් වැඩපිළිවෙළ් පරාජය කිරීමට ලැබීම මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත්; ජාතික ජනබලවේග නව රජය මේ රටේ ජාතික සම්පත් රැකගැනීම අරමුණු කරගත් රජයක් බවත්; ආයතනය රැකගනිමින් දියුණු කරගැනීමට කටයුතු කරන්නට සියලු දෙනා සාමූහිකව එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?