වැඩ තහනමට ලක්වූ නාලක සිල්වාට පූර්ණ වැටුප ගෙවීමට ඇති හැකියාව සොයා බලන්නැයි පොලිස්පතිට නියෝග

2018 වසරේ වැඩ තහනමට ලක් කෙරුණු ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට පූර්ණ වැටුප ගෙවීමට ඇති හැකියාව සොයා බලන ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූවා.

එහිදී ප්‍රියන්ත ජයවර්ධන, එස් තුරෙයිරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනුයි මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට අඩ වැටුපක් ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සඳහන් කළා.

මෙහිදී පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා වසර 4 කට ආසන්න කාලයක් වැඩ තහනමට ලක්ව වැටුප් රහිතව සිටින බැවින් ඔහුට පූර්ණ වැටුප ගෙවීමට කටයුතු කළ යුතු බව දන්වා සිටියා.

එහිදී විනිසුරුවරු විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළේ පෙත්සම්කරුට අඩ වැටුපක් ගෙවීමට සාමාන්‍යයෙන් හිමිකමක් පවතින බැවින් එම අඩ වැටුප ගෙවීමට පියවර ගන්නා ලෙසයි.

ඊට අමතරව පෙත්සම්කරුට පූර්ණ වැටුප ගෙවීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම ලබන පෙබරවාරි මස 27 වනදා කැඳවීමට දශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34