වැඩිහිටි නිවාසයක සිටි හිමිනමක් ඝාතනය කරයි

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබේ.

මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජාඇළ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) උදෑසන ඇති වූ සිද්ධියක දී අදාළ සැකකරු විසින් අලුත්වල සුමනරතන හිමි නමින් හඳුන්වන ස්වාමීන් වහන්සේට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර තිබේ.

එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත්ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?