සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සොරනාතොට වැඩිහිටි නිවාසය අවට කැලෑ ප්‍රදේශය තුළ අද (10 ) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගින්න නිවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් ගින්න සැල වී සුළු මොහොතකට පසුව ප්‍රදේශය වෙත කැඳවූ යුද හමුදා සාමාජිකයින් විසින් ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
පැතිර යමින් පැවති ගින්න හමුදා භට කණ්ඩායම් එක්ව යුහුසුළුව නිවා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1