ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රුපියල් 2000 වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ බොහෝ පිරිසක් තැපැල් කාර්යාල ඉදිරිපිට (12) දින උදෑසන සිට රැඳී සිට තිබෙනවා
සැම මසකම 10 සිට 15 දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබනවා.
කෙසේ වෙතත් අද (12) දින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාල වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා ඇති නිසා ආපසු හිස් අතින් තම නිවෙස් කරා ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














