spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැටුප් වැඩි කරන්න නම්; බදු ඉහළ දමන්න වෙයි – ඇමති බන්දුල

රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන්නේ නම්; ඊට සාපේක්ෂව භාණ්ඩාගාරයට වියදම් කළ හැකි ප්‍රමාණයේ අතිරේක ආදායමක් සොයාගත යුතු බවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ; පවතින තත්ත්වය තුළ වැටුප් වැඩි කිරීම අසීරු බවත්, එය එසේ කරන්නේ නම්, ඊට සමගාමී ක්‍රම කිහිපයක් ඇති බවයි.

ඉන් එකක් නම්; රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, නැතහොත් නව බදු පැනවීම හෝ පවතින බදු ඉහළ දැමීම බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එළඹෙන අයවැයෙන් ඉහළ දැමීමට ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම්දෙනු ලැබූ බවට යන ප්‍රවෘත්තිය මතු කරමින් පැමිණ සිටි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ ව විමසා සිටියා.

එම අවස්ථාවට පිළිතුරු ලබාදෙමිනුයි බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?