AFC Banner
Empty Ad
Empty Ad

වාහන ගෙන්වීම ගැන ජනපති පෙරළිකාර තීන්දුවක් ගනී! රටට හදුන්වා දෙන අලුත් වාහන වර්ගය මෙන්න

ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් (ELECTRIC) රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊයේ (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේබව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතු බවයි. එබැවින් ප්‍රවාහනය සඳහා ඉලෙකට්‍රික්  රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු බවත් ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ඉලෙක්ට්‍රික් රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ඉලෙකට්‍රික් එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකි බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වෙනවා. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එබැවින් ඉන්ධන මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇතැයි එහි සඳහන්.

වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අමෙරිකානු ඩොලර් මිලියන 4,000ක් පමණ වන බවද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමක් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
144
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?