වාහන ගෙන්වීම ගැන ජනපති පෙරළිකාර තීන්දුවක් ගනී! රටට හදුන්වා දෙන අලුත් වාහන වර්ගය මෙන්න

ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් (ELECTRIC) රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊයේ (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේබව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතු බවයි. එබැවින් ප්‍රවාහනය සඳහා ඉලෙකට්‍රික්  රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු බවත් ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ඉලෙක්ට්‍රික් රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ඉලෙකට්‍රික් එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකි බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වෙනවා. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එබැවින් ඉන්ධන මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇතැයි එහි සඳහන්.

වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අමෙරිකානු ඩොලර් මිලියන 4,000ක් පමණ වන බවද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමක් බවය.

  1. එහෙනම් ඇයිද දන්නේ නෑ ජපන්නු දුන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය මග හැරියේ අ-පරාදෙනේ..රනිල් – චම්පික නෙවෙයි කවුරු පටන්ගත්තත් ඒක තිබුනම් හොදයි නේද../

  2. අපේ ජනාධිපතිතුමා යම් දෙයක් කරන්නේ හොඳට දුරදිග බලලා. මේ රට හදන්න පුළුවන් එතුමාට විතරයි. දීර්ඝායුෂ ලැබේවා.

  3. මෙයින් සඵල ලාභයක් ලැබීමට නම් රටේ තිබෙන සියළුම පෞද්ගලික විදුලි බලාගාර රජයට පවරා එහි ක්‍රියාකාරිත්වය හමුදාවට භාරදිය යුතුයි. නැතහොත් පායන කාලයේදී පිරීතිබෙන වැව්වල යම් අලුත්වැඩියාවක් අවශ්‍යවී එහි ජලය සියල්ල හිස් කිරීමේ හදිසි අවශ්‍යතාවයන් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ට ඇතිවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42