වාහන ගෙන්වීම ගැන ජනපති පෙරළිකාර තීන්දුවක් ගනී! රටට හදුන්වා දෙන අලුත් වාහන වර්ගය මෙන්න

ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් (ELECTRIC) රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඊයේ (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේබව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතු බවයි. එබැවින් ප්‍රවාහනය සඳහා ඉලෙකට්‍රික්  රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතු බවත් ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ඉලෙක්ට්‍රික් රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ඉලෙකට්‍රික් එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකි බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වෙනවා. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එබැවින් ඉන්ධන මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇතැයි එහි සඳහන්.

වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අමෙරිකානු ඩොලර් මිලියන 4,000ක් පමණ වන බවද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමක් බවය.

  1. එහෙනම් ඇයිද දන්නේ නෑ ජපන්නු දුන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය මග හැරියේ අ-පරාදෙනේ..රනිල් – චම්පික නෙවෙයි කවුරු පටන්ගත්තත් ඒක තිබුනම් හොදයි නේද../

  2. අපේ ජනාධිපතිතුමා යම් දෙයක් කරන්නේ හොඳට දුරදිග බලලා. මේ රට හදන්න පුළුවන් එතුමාට විතරයි. දීර්ඝායුෂ ලැබේවා.

  3. මෙයින් සඵල ලාභයක් ලැබීමට නම් රටේ තිබෙන සියළුම පෞද්ගලික විදුලි බලාගාර රජයට පවරා එහි ක්‍රියාකාරිත්වය හමුදාවට භාරදිය යුතුයි. නැතහොත් පායන කාලයේදී පිරීතිබෙන වැව්වල යම් අලුත්වැඩියාවක් අවශ්‍යවී එහි ජලය සියල්ල හිස් කිරීමේ හදිසි අවශ්‍යතාවයන් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ට ඇතිවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56