වාහන කුලියට දෙන බව කියා ජයටම මුදල් ගැරූ ජාවාරම්කරුගේ පැටිකිරිය

වාහන කුලියට ලබාදෙන පවසමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර මුදල් ජාවාරමේ නිරත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අන්තර්ජාලය හරහා වාහන දේපළ සහ උපකරණ අලෙවි කරන සහ කුලියට ලබාදෙන වෙබ් අඩවියක්, ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇතැයි සඳහන්.

ජාවාරමට හසුවූ පුද්ගලයින් පවසන්නේ, කුලියට ලබාගන්නා වාහන සඳහා අත්තිකාරම් මුදල් ලබාගැනීමෙන් පසු අදාළ ජාවාරම්කරු විසින් ගැණුම්කරු මගහැර දුරකථන අංකද වෙනස් කරන බවයි.

එමෙන්ම, මහරගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් අසල තමාගේ ආයතනය පවත්වාගෙන යන බවටත් ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රමොද් ලියනගේ, චතුරංග ද සඳමාල්, ඉරංක ප්‍රසාද්, ඉරංක දිසානායක, ප්‍රදීප් පුෂ්පතුමාර යන විවිධ නම්වලින් පෙනී සිටිමින් ඔහු මෙම ජාවාරම සිදුකරගෙන යනු ලබනවා.

ඔහු විසින් විවිධ පුද්ගලයින්ගෙන් අත්තිකාරම මුදල් බැර කරගෙන ඇති බැංකු ගිණුම් තංගල්ල ප්‍රදේශයේ බැංකුවක් බවද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඔහු එක් ප්ද්ගලයෙකුගෙන් අවස්ථා කිහිපයකදී මෙලෙස අත්තිකාරම් මුදල් බැරකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඔහු 2023 වසරේද නවතම ආයෝජන සැලසුම් යැයි පෙන්වමින් රුපියල් කෝටි ගණනින් මහා පරිමාණ වංචාවක් කර ඇතැයිද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අදාළ පුද්ගලයා සමාජ මාධ්‍ය ගිණුම්වල පෙනී සිටින නාමයන් සහ ඔහු විසින් පළ කර තිබූ දැන්වීම් කිහිපයක් මෙහි දැක්වෙනවා.

මේ වනවිට අතුරුදන්ව සිටින මොහු සොයා ගැනීම සඳහා සහාය වෙන ලෙස පොලිසිය ඇතුළු අදාළ වංචාවට හසුවූ පුද්ගලයින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහුගේ වංචාවට හසුවූ පුද්ගලයින්ද සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදාළ වංචාකරුගේ ඡායාරූප පළ කරමින් ඔහුගේ වංචාව පිළිබඳ අනාවරණ කර තිබෙනවා.

1 5
7
3 3
4 3
7
5 1
6 2
8 2
9 1
10 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?