වාහන ආනයනයට අවසර ලැබෙන කාල වකවානුව ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

එළෙඹෙන සැප්තැම්බර් මාසය වනවිට දැනට ආනයනය තහනම්කර ඇති එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණයක් නිදහස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව වාහන ආනයන හා සම්බන්ධ එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණයක් අවසානයට ඉතිරිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් වාහන ආනයනය සම්බන්ධ මෙම එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණය නිදහස් කිරීම සිදුවන්නේ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය වීමෙන් පසුව බවයි ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරියේ දී ආනයන සීමා ලිහිල් කිරීමේ දීපොදු ප්‍රවාහනයට මෙන්ම කර්මාන්ත සඳහා ගෙන්වන වාහන සහ යතුරුපැදි සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

2020 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වාහන ආනයනය අත්හිටුවීම තුළින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 620ක් බව ද ඔහු මෙහිදී අනාවරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
6
+1
35
+1
4
+1
6
+1
5
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53