වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 35ක් රට පුරා

එකම වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 35ක් රට තුළ තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් හඳුනාගෙන තිබේ.

එම පොලිස් ස්ථාන සියල්ලම පසුගිය යහපාලන රජය කාලයේ ස්ථාපිත වූ ඒවා බව ද අනාවරණය වෙයි. මෙම තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලසීමාවේදී සිය රාජකාරි කටයුතු නිසිලෙස කරගෙන යෑමට එම පොලිසිවලට දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබී ඇති බව ද දැනගැනීමට තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ පසුගිය යහපාලන රජය කාලයේ ඉවක් බවක් නොමැතිව පොලිස් ස්ථාන ආරම්භ කර ඇති බවත් ඉහත සඳහන් කළ ඒවා ද ඒ ආකාරයට ආරම්භ කළ පොලිස් ස්ථාන බවත් ය.

එම පොලිස් ස්ථාන කිසිදු තේරුමක් නොමැතිව ආරම්භ කළ ඒවා බවට කරුණු අනාවරණය වුවහොත් ඒවා ඉවත් කර එම පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය.

කෙසේ වුව ද පොලිස් ස්ථාන රැසක මෙවැනි ගැටලු තිබෙන බව හඳුනාගෙන ඇති බවත් ඒවාට ඉතා කඩිනමින් විසඳුම් ලබාදීමට තමන් පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47