වාර්තාවක් සමග ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලාන තරගාවලියට සමුදෙයි

නවසීලන්තය සමග අද පැවති තරගයේදී තම කණ්ඩායමේ කඩුලු ඉක්මනින් දැවී යාම හමුවේ ලකුණු 300ක ඉලක්කයක් කරා යාමට නොහැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මැද පෙළ පිතිකරුවන්ට හොඳ සබඳතාවකට යාමට හැකි වූයේ නම් මෙම තණ තීරුවේ ලකුණු 300 ඉක්මවා ලබා ගත හැකිව තිබූ බවයි.

“පළමු පන්දු වාර 10 තුලදී අපගේ කඩුලු 3-4ක් දැවී යෑමෙන් අප අපහසුතාවයට පත්වුණා. අපගේ මැද පෙළ පිතිකරුවන්ට හොඳ සබඳතාවයකට යන්න හැකියාව ලැබුණා නම් මෙම තණ තීරුවේ ලකුණු 300 ඉක්මවා ලබා ගැනීමට අවස්ථාව තිබුණා.
“ඩිල්ෂාන් මධුෂංක හොඳින් පන්දු යැව්වා. ඔවුන් අඩූ ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය නිසා එය වැළැක්වීමට අපහසුයි. තරග දෙකකට පසුව මට නායකත්වය හිමිවුවා. මම එය අත්වින්දා. මගේ පෞද්ගලික දක්ෂතා ගැන සතුටු වන්නේ නැහැ.”

මේ අතර නවසිලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්ස් පැවසුවේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගැන බලා සිටීමට සිදුව ඇති බවයි.

“එය අපේ අතේ තිබෙන දෙයක් නොවෙයි. කණ්ඩායම් කිහිපයක් එක සමානව ප්‍රසාද ලකුණු ලබාගෙන සිටිනවා. අප බලාගෙන ඉදිමු ඉදිරි දින කිහිපයේදී කුමක් සිදුවේද කියලා. “තරගාවලියේ සත්කාරකත්වය දරන රටත් සමග අවසන් පුර්ව වටයට ක්‍රීඩා කිරීම අභියෝගයක්. “ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක්. අද තරගයේදී අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යවනු ලැබුවා. ඒ වගේම තරගයේ දෙවන ඉනිමේදී තණ තීරුව මදක් මන්දගාමී වුවත් අපිට හැකිවුණා තරගය ජය ගන්න. ඒ ගැන සතුටුයි.”

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද වැටී සිටියදී අවසන් කඩුල්ල වෙනුවෙන් පිතිකරණය සඳහා පිටියේ එක්ව සිටි මහීෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුෂංක පන්දු වාර 14 යි පන්දු 03ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 43ක සබඳතාවයක් එක් කිරීමට සමත් වුණා.

එහිදී ඔවුන් දෙදෙනා රැස් කළ ලකුණු 43ක සබඳතාවය ලෝක කුසලාන එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 වෙනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය ලෙසටයි වාර්තා පොත් අතරට එක් වුයේ.

ඔවුන් දෙදෙනා බිඳ හෙළනු ලැබුවේ මීට වසර 40 කට පෙර, එනම් 1983 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව විනෝදන් ජෝන් සහ රුමේෂ් රත්නායක වාර්තා කළ ලකුණු 33 ක වාර්තාවයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පන්දු 48 කදී ලකුණු 19ක් රැස් කරගෙන සිටයදී ඩිල්ෂාන් මධුෂංක දැවී ගිය අතර, මහීෂ් තීක්ෂණ නොදැවී පන්දු 91 කට මුහුණ දෙමින් ලකුණු 38ක් රැස් කළා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්තය අද සමත් වුණා.

තරගය පැවැත්වුනේ බැංගලූරුහි එම්.චින්නස්වාමි ක්‍රිඩාංගණයේදීයි. අද තරගයේදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් සැලකිය යුතු ලකුණු මට්ටමක් කරා යාමට හැකි වූයේ නැහැ.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී ලකුණු අතර සිටි පැතුම් නිස්සංක අද තරගයේදී ලකුණු 02 කට දැවී ගියා.

ඉන් පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 06 කටත් සදිර සමරවික්‍රම එක් ලකුණකට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 4යි පන්දු 04 කදී කඩුලු තුනක් දැවී ලකුණු 32ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉක්මන් කඩුලු තුනක් දැවී ගොස් තිබියදී නවසීලන්ත පන්දුයවන්නන් ගෙන් එල්ලවූ පීඩනය නැවත ඔවුන් වෙත යොමු කිරීමට කුසල් ජනිත් වේගවත් පිති ප්‍රහාරයක් ක්‍රියාත්මක කළා.

ඔහු විසින් හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 9ක් සමග පන්දු 22 කදී අර්ධ ශතයක් වාර්තා කළ අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම එක්දින අර්ධ ශතක අතරින් දෙවන ස්ථානයට ද වාර්තා අතරට එක් වුණා.

කෙසේ වුවද චරිත් අසලංක ලකුණු 8 කට සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 51 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 9 යි පන්දු 3 කදී ලකුණු 70 කට කඩුලු 05ක් ලෙසටයි සටහන් වූයේ.

ඉන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් අතර ලකුණු 34ක සබඳතාවයක් 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා.

නමුත් මිචෙල් සැන්ටර් විසින් ලකුණු 16ක් රැස් කරගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ලකුණු 19ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වා දවා ගනු ලැබුවා.

ඉන් පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න ලකුණු 6 කට ද, දුෂ්මන්ත චමීර ලකුණු 01 කට දැවී ගියා.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 172 ක ඉලක්කය හඹා යාමට පැමිණි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය ශක්තිමත් අඩිතාලමක් සිය කණ්ඩායමට එක් කළා.

ඩෙවොන් කොන්වේ සහ රචින් රවින්ද්‍ර ලකුණු 86ක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් එක් කළ අතර නවසීලන්ත ඉනිමේ 13 වන පන්දු වාරයේදී දුෂ්මන්ත චමීර විසින් ලකුණු 45ක් රැස් කරගෙන සිටි ඩෙවොන් කොන්වේ දවා ගැනීමට සමත් වුණා.

ඉන් පසු පන්දු වාරයේදී මහීෂ් තීක්ෂණ විසින් නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ රචින් රවින්ද්‍ර ලකුණු 42 කට දවා ගැනීමට සමත් වුණා.

ඒ වන විට නවසිලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු දෙකක් දැවී ලකුණු 88ක් ලෙසයි.

සාර්ථක ආරම්භයක් ලබා ගත්තද එක ළඟ නවසීලන්ත කණ්ඩායමේ කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ ඩැරල් මිචෙල් විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කිරීමට සමත් වුණා.

නමුත් ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 14ක් රැස් කරගෙන සිටි කේන් විලියම්සන් ගේ කඩුල්ල දවා ගනු ලැබුවා.

එමෙන්ම සිව්වන කඩුල්ල ලෙස ලකුණු 07ක් රැස් කරගෙන සිටි මාර්ක් චැප්මන් දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

ඒ වන විට නවසීලන්ත ඉනිමේ ලකුණු පුවරුව සටහන්ව තිබුනේ පන්දු වාර 20 යි පන්දු 3 කදී ලකුණු 145 කට කඩුලු 04ක් ලෙසටයි.

නැවතත් ක්‍රියාත්මක වූ ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 43ක් රැස් කරගෙන සිටි ඩැරල් මිචෙල් දවා ගනු ලැබුවා.

කෙසේ වුවද නවසිලන්ත පිතිකරුවන් පන්දු වාර 23 යි පන්දු 2 ක් තුලදී ලකුණු 172ක් රැස් කරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසරේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව පවතින්නේ අවම මට්ටමකයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග 09 කට මුහුණ දුන් ශ්‍රී ලංකාව ජයගනු ලැබුවේ තරග දෙකක් පමනයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ පසුවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
35
+1
43
+1
2
+1
39
+1
16
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29