වාර්තාගත කොකේන් තොගයක් ඉතාලි අත්අඩංගුවේ

සිසිලි දූපත් ආසන්නයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී නැව් අතර හුවමාරු කරමින් තිබූ ටොන් 5.3ක වාර්තාගත කොකේන් තොගයක් ඉතාලි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම යුරෝ මිලියන 850 (ඩොලර් මිලියන 946)ක් පමණ වන අතර පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කළේ.

බදාදා අලුයම දකුණු ඇමරිකාවේ සිට යාත්‍රා කළ නෞකාවක් පොලිසිය විසින් ලුහුබඳිමින් සිටි අතර, සිසිලි සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා තට්ටුවේ සිට මුහුදට පාර්සල් විසි කරන ආකාරය ගුවන් යානයක් විසින් නිරීක්ෂණය කර තිබුණා.

අනතුරුව ඉතාලි බලධාරීන් එම යාත්‍රාව නතර කර පරික්ෂා කර ඇති අතර යාත්‍රාවේ පුවරුවක් පිටුපස සැඟවුණු මැදිරියක තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

මෙහෙයුමේදී ටියුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු, ඇල්බේනියානු ජාතිකයෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

සිසිලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි දැඩි පහරක් ලෙසටයි.

අප්‍රේල් මාසයේදී, ද ඉතාලි පොලිසිය විසින් කොකේන් ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නැගෙනහිර සිසිලි මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබුණා.

ඒවා කිසියම් අයෙකුට ලබා ගැනීම සඳහා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් විසින් දමා ගොස් ඇති බවටයි ඉතාලි ආරක්ෂක අංශ සැක කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27