spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාර්තාගත කොකේන් තොගයක් ඉතාලි අත්අඩංගුවේ

සිසිලි දූපත් ආසන්නයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී නැව් අතර හුවමාරු කරමින් තිබූ ටොන් 5.3ක වාර්තාගත කොකේන් තොගයක් ඉතාලි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම යුරෝ මිලියන 850 (ඩොලර් මිලියන 946)ක් පමණ වන අතර පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කළේ.

බදාදා අලුයම දකුණු ඇමරිකාවේ සිට යාත්‍රා කළ නෞකාවක් පොලිසිය විසින් ලුහුබඳිමින් සිටි අතර, සිසිලි සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා තට්ටුවේ සිට මුහුදට පාර්සල් විසි කරන ආකාරය ගුවන් යානයක් විසින් නිරීක්ෂණය කර තිබුණා.

අනතුරුව ඉතාලි බලධාරීන් එම යාත්‍රාව නතර කර පරික්ෂා කර ඇති අතර යාත්‍රාවේ පුවරුවක් පිටුපස සැඟවුණු මැදිරියක තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

මෙහෙයුමේදී ටියුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු, ඇල්බේනියානු ජාතිකයෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

සිසිලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි දැඩි පහරක් ලෙසටයි.

අප්‍රේල් මාසයේදී, ද ඉතාලි පොලිසිය විසින් කොකේන් ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නැගෙනහිර සිසිලි මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබුණා.

ඒවා කිසියම් අයෙකුට ලබා ගැනීම සඳහා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් විසින් දමා ගොස් ඇති බවටයි ඉතාලි ආරක්ෂක අංශ සැක කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?