මෙම දිනවල වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පෙන්නුම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
ඒ, අනුව දිවයිනේ උතුර, උතුරු මැද සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය එක්ක 150ත් 200ත් අතර අගයක් ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පැවසුවේ.
අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසමේ සුළං ප්‍රවාහයේ සක්‍රීය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවයි ඔහු සඳහන් කළේ.
වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ඊට සංවේදී වෙන පුද්ගලයින් සිටින අතර ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම හෝ ප්‍රතිකාර ලබාගැනීමය යොමුවන ලෙස ද ඔහු දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1




