AFC Banner
AFC Banner
Empty Ad

වායුගෝලයේ කැලඹිලිකාරී තත්ත්වයෙන් නිරිතදිගට තද වැසි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දිනයේ සිට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී තරමක වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි වහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එය මිලිමීටර් 75ට වඩා වැඩි අගයක් ගත හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?