වාද්දූවේ පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට – වැඩත් තහනම්

පොලිස් අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැරුණු සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් වාද්දුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

වාද්දූව පොලිසිය විසින් සිදු කරන ලද පහරදීමකින් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට චෝදනා කරමින් ඊයේ (11) රාත්‍රියේ එම ප්‍රදේශයේ තැනින් තැන ජනතාව වීදි බැස උද්ඝෝෂණය සිදු කළා.

වාද්දූව – තල්පිටිය ප්‍රදේශයේ පදිංචි සමිත දිල්ෂාන් නමැති එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව ලේ වමනය දැමීමෙන් පසු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා මුළුමනින්ම අවහිර කර 20කට ආසන්න නිලධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටි බවයි දසත වාර්තාකරු පැවසුවේ.

බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් ද තත්ත්වය පාලනයට පොලිස් නිලධාරීන් කැඳවා තිබුණා.

මෙම තත්ත්වය මතයි අදාළ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනාගේ වැඩ තහනමකට ලක් කර අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?