වාද්දූවේ පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට – වැඩත් තහනම්

පොලිස් අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැරුණු සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් වාද්දුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

වාද්දූව පොලිසිය විසින් සිදු කරන ලද පහරදීමකින් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට චෝදනා කරමින් ඊයේ (11) රාත්‍රියේ එම ප්‍රදේශයේ තැනින් තැන ජනතාව වීදි බැස උද්ඝෝෂණය සිදු කළා.

වාද්දූව – තල්පිටිය ප්‍රදේශයේ පදිංචි සමිත දිල්ෂාන් නමැති එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව ලේ වමනය දැමීමෙන් පසු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා මුළුමනින්ම අවහිර කර 20කට ආසන්න නිලධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටි බවයි දසත වාර්තාකරු පැවසුවේ.

බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් ද තත්ත්වය පාලනයට පොලිස් නිලධාරීන් කැඳවා තිබුණා.

මෙම තත්ත්වය මතයි අදාළ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනාගේ වැඩ තහනමකට ලක් කර අත් අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18