AFC Banner
AFC Banner
Empty Ad

වාද්දූවේ තීන්ත රැගෙන ගිය මොටෝ සයිකලය උඩින් ගිය හැටි (වීඩියෝ)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව – තල්පිටිය, ලෝලුගස්මංකඩ මංසන්ධියේ දී තීන්ත රැගෙන යමින් සිටි යතුරුපැදියක් මාර්ගයේ අයින් කර නැවතීමට සූදානම් වෙමින් තිබූ මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

මෙම අනතුර ඊයේ පස්වරුවේ සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තීන්ත රැගෙන ආ යතුරුපැදිය සුඛෝපබෝගී මෝටර් රථයක රියදුරු අසුන පිහිටා ඇති කොටසෙහි ගැටෙන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණා.

මෝටර් රථයේ ගැටුණු යතුරුපැදියෙහි සිටි පසුපස මගියා, විසි වී ගොස්, මෝටර් රථයේ වහලේ ද ගැටී බිමට වැටෙන අයුරුයි දක්නට ලැබෙන්නේ.

යතුරුපැදියෙහි රියදුරු ද එම ස්ථානයේ ම ඇද වැටී තිබෙනවා.

අනතුරින් ‍යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාට තුවාල සිදු ව ඇති අතර, ඔවුන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් දෙදෙනා වාද්දුව ප්‍රදේශයේ තීන්ත අලෙවි සැලකින් මිල දී ගත් තීන්ත බකට් කිහිපයක් යතුරුපැදියේ හැඬලය කොටසේ රඳවාගෙන අනාරක්ෂිත ලෙස ඉතා වේගයෙන් ගමන් කොට තිබෙනවා.

ඉන්පසුව එම තීන්ත බකට් යතුරුපැදියේ හැඩලයේ කොටසේ සිර වී යතුරුපැදිය එකවරම මාර්ගයේ දකුණු පැත්තට පාලනයකින් තොරව ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් දෙදෙනා ම පානදුර මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්:

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
4
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?