‘වාගීර්’ සබ්මැරීනය අද ලංකාවට

ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීනයක් සංචාරයක් සඳහා අද (19) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

09 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා ‘වාගීර්’ නැමැති මෙම සබ්මැරීනය මෙරටට පැමිණෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ.

අද (19) දිනයේ මෙරටට පැමිණෙන සබ්මැරීනය ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සබ්මැරීනය පාසල් ළමුන් සහ නරඹන්නන් සඳහා ප්‍රදර්ශනයට විවෘත කිරීමට ද සැලසුම්කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?