AFC Banner
Empty Ad
Empty Ad

තාත්තා අම්මාට කල දේ ගැන පුංචි දුව කී සංවේදී කතාව

සිය බිරිය සතු දේපළ අත්පත් කර ගැනීම හා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව විවාහ කර ගැනීමේ අරමුණ ඇතිව කොවිඩ් ආසාදිත සිය බිරියගේ හුස්ම හිරකර ඝාතනය කළ බව කියන බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයා මෙම මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි දෙදරු මවකි.

ඉහත සඳහන් කාන්තාව කොරෝනා රෝගය වැළඳී සිය නිවෙසේ් ප්‍රතිකාර ලබමින් ඇඳ මත වැතිර සිටින අතරතුර ඉකුත් 15 වැනිදා රාත්‍රි 10ට පමණ සැකකාර ව්‍යාපාරිකයා එහි තිබූ කොට්ටයක් ගෙන ඇගේ මුඛය හා නාසය වැසීමට සලසා හුස්ම හිරකර එසේ ඝාතනය කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සිය සහෝදරියගේ මියයෑම සැක සහිත බවට ඇගේ සහෝදරයකු විසින් බොරලැස්ගමුව පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ඇයව ඝාතනය කර ඇති බව කරුණු අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට සඳහන් කළා.

සිය බිරිය ඝාතනය කිරීමට පෙර සැකකාර ව්‍යාපාරිකයා ඇගේ අවසන් කටයුතු කිරීම සඳහා එම ප්‍රදේශයේ මල් ශාලාවකට මුදල් පවා ගෙවා ඇති බවට කරුණු අනාවරණය කරගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එම ස්ථානීය සාක්ෂි ලබාගන්නට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ මෙම යුවළගේ 6 හැවිරිදි සිඟිති දියණිය හා 13 හැවිරිදි පුතු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සාක්ෂි සපයා තිබුනේ මෙසේය.

දුව – ‘එදා අපි ෆිල්ම් බලන්න ගියා. ෆිල්ම් බලන්න ඉස්සෙල්ලා මං අම්මිත් එක්ක කාමරේදී කථා කරා..එතකොට එයා කථා කරා..ඊට පස්සෙ තාත්ති දෙපාරක් ආවා.. බාත්රූම් යන්නයි.. වතුර උණුකරන්නයි..ඊට පස්සෙ එයාගෙ ඔලුවෙ මෙන්න මෙතන පැල්ලමක් තිබ්බා. එයාගෙ මෙතන ටිකක් හීරිලත් තිබ්බා.‘

පුතා ‘ඊට පස්සෙ අම්මගෙන් තේබොන්නත් අහන්න හැදුවා.. අම්මා නැගිට්ටෙ නැහැ.‘

පොලිසිය – ‘අම්මගෙ කොට්ටෙ කෝ?‘

දුව ‘එයා නිදාගෙන හිටපු කොට්ටෙ කාමරේ..‘

පොලිසිය- -‘එතකොට කොට්ට උරේ?‘

දුව -‘ආ ඒ කොට්ට උරේ මං දැක්කා තාත්ති කුස්සිය පැත්තට අරන් යනවා‘

පොලිසිය -‘ඒකෙ මොනව හරි තිබ්බද?‘

දුව -‘ඔව් ලේ තිබ්බා… ගොඩාක්ම තිබ්බෙ නෑ.. චුට්ටයි තිබ්බෙ..’

පොලිසිය – ‘පුතා ඔයා දැක්කෙ නැද්ද ඒක?‘

පුතා-‘මං දැක්කෙ නිකං ඇඳේ ලේපාරක් තියනව කියලා..‘

දුව -‘ඔව් මමත් දැක්කා…‘

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකාර ව්‍යාපාරිකයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා අවසානයේ මාට්ටු වෙයි

ස්වර්ණවාහිනී වීඩියෝ වාර්තා කොටස පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?